Sunday, September 8, 2024

General line - 0115112241

රුපියල් කෝටියක් වටිනා ගජමුතු දෙකක් ජාවාරම් කළ පුද්ගලයෙක් STF අත්අඩංගුවට




රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගජමුතු දෙකක් ජාවාරම් කිරීමට සැරසුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුත්තලම, පාලවිය හංදිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

ඔහු සම්බන්ධ වැඩිදුර විමර්ශන පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.