Sunday, September 8, 2024

General line - 0115112241

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1,700ක් නාවික හමුදා භාරයට




නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1780ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා මීගමුව දඩුගම කලපුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි.

එම මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනෙකු සමග ඩිංගි යාත්‍රා හයක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රා තුළ උර හැත්තෑ හයක එම බීඩි කොළ තොගය අසුරා තිබූ බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.