Sunday, September 8, 2024

General line - 0115112241

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය




“දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය” ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායික රාමුවට අනුකූලව එය ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයට ප්‍රධාන ක්‍රියාකාරි පියවර කිහිපයක් අන්තර්ගත වන අතර  2023 වසරේ සම්මත කරගන්නා ලද දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම, මාස හයකට වරක් එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මට අවශ්‍ය ප්‍රමාණවත් අයවැය ප්‍රතිපාදන ලබාදීම සඳහා ද අවශ්‍ය විධිවිධාන එහි අන්තර්ගත වනවා.