Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස්පති තනතුර ගැන නීතිවේදීන් ජනපතිට පහදයි




ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව විසි එක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යාමේ බාධාවක් පමණක් බවද ඔහු කියා සිටියා.

මේ හේතුවෙන් අදාල නීති ගැටලුව විසඳන තෙක් පොලිස්පති ධුරය එලෙස  තිබෙනු ඇතැයිද  රජයේ ආරංචි මාර්ග පැවසුවා.

මේ අතර, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳාළව රජයේ ප්‍රතිචාරය පළ කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙකු කියා සිටියා. 

ඒ අනුව, පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අඳළව රජයේ ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා අද නිළවශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇති.