Sunday, September 8, 2024

General line - 0115112241

පොලිස්පතිවරයා නොමැතිව ජනපතිවරණය තියන්න පුළුවන්ද? 




පොලිස්පතිවරයාට වාරණ නියෝගයක් නිකුත් කිරීම ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ මහින්ද දේශප්‍රිය පවසනවා.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ කාර්යයන් මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගනිමින් සිදු කළ හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. 

කෙසේවෙතත් සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්විය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවුසවේ.