Friday, October 18, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිවන්න පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බව නීතිවේදීන් කියයි




යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීමේ බලය හැර ජනාධිපතිවරයාගේ සෑම බලයක්ම අධිකරණ බලයට යටත් වන බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

ඒ අනුව විධායකයේ කොටසක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද අධිකරණයට යටත් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාළමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙම අදහස් පළ කළා.

අධිකරණය විසින් මීට පෙර ලබා දුන් තීන්දු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයකට එරෙහිව පාර්ලිමේන්තුවට තීරණයක් ලබා දීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් කියා සිටියා.