Sunday, September 8, 2024

General line - 0115112241

පාස්පෝට් හිගය නිසා දඹදිව වන්දනාවේ යන පිරිස පීඩාවේ




ගුවන් ගමන් බලපත්‍ර හිග වීම සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත් තීරණයක් හේතුවෙන් සිය සාමාජිකයින් පීඩාවට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් දඹදිව වන්දනාවේ යාමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පිරිසකට ගුවන් ගමන් බලපත්‍ර සාදා ගැනීමට නොහැකි වී ඇති බවයි  එම සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ඔළුව පැවසුවේ.

වෙනත් ක්‍රමවේදයක් හරහා හෝ අදාළ පිරිසට දඹදිව වන්දනාවේ නිරත වීමට අවස්ථාව සලසා දෙන ලෙසයි ඔහු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.