Sunday, September 8, 2024

General line - 0115112241

ඡන්දෙට අවශ්‍ය මුදල ඉල්ලන සැණින් දෙන්න මුදල් අමාත්‍යංශය සූදානමින්




ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇති මුදල කිසිදු කප්පාදුවකින් තොරව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මැතිවරණ කොමිසම ඉල්ලුම් කරන ආකාරයට අනුව අදාළ මුදල ලබා දීමට කටයුතු කරන බවයි රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.