Sunday, September 8, 2024

General line - 0115112241

පාසල් පුස්තකාලවල තිබිය යුතු දෙයක් ගැන සජිත් කතා කරයි

සම්පත් කුලරත්න




ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පිටපතක් සෑම පාසලකම පුස්තකාලයෙහි තිබීම අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එලෙස කටයුතු කිරීමෙන් රටේ නීතිය පිළිබඳ ජනතාවට යම් අවබෝධයක් ලැබෙන බවයි බණ්ඩාරගම පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ  

මේ අතර ඕනෑම පක්ෂයකට සහය දැක්වූ සාමාන්‍ය ජනතාව පමණක් ජාතික ජන බලවේගයට එක් කර ගන්නා බව එම පක්ෂයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

වස්කඩුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.