Saturday, September 21, 2024

General line - 0115112241

සජිත්ට, ඡන්දය තනියම දිනන්න බෑ - හිරුණිකා කියයි




එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අද එළි දක්වනවා. ඒ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි.

“සැමට ජයක් - සමගි රටක්” සමගි ජන සන්ධානයේ මෙවර තේමාවයි. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ තවත් දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග එක්වීමට නියමිත බවයි.

එළඹෙන 15 වනදා නාම යෝජනා භාරදීමෙන් පසු 16 වනදා සිට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය තනිව ජය ගැනීමට සමගි ජන බලවේගයට අසීරු බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින් පැවසුවා. 

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට එක් කිරීමට නියමිතයි.