Saturday, September 21, 2024

General line - 0115112241

මේ පාර ජනාධිපතිවරණයේ තීරණය ඡන්ද ලක්ෂ 20ක් මත




මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය කිරීමේදී  අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු සොයා බැලීමකදී හෙළි වී තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි පැවසුවේ සැලකිය යුතු පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි මේ වන විටත් තීරණය කර ඇති නමුත් ඔවුන් එය ප්‍රකාශයට පත් නොකරන බවයි. 


මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයින් ලබා දෙන පොරොන්දු පසුව ඉටු නොවීම තවමත් මෙරට දේශපාලනයේ ඇති ප්‍රධානතම ගැටලුවක් බව විද්වතෙකු වන වරලත් ගණකාධිකාරී වසන්ත ගලගොඩ පවසනවා. 


මෙම අදහස් පළ වුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.