Tuesday, September 17, 2024

General line - 0115112241

හයේෂිකා ප්‍රනාන්දු නොමිලයේ පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අති සාර්ථකව අවසන් වෙයි 




ක්වීන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, දිවයිනේ සුප්‍රසිද්ධ ශිෂ්‍යත්ව දේශිකා, ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය විසින් නොමිලයේ පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අගෝස්තු මාසයේදී මහියංගනය, නිදහන්ගල, හද්දත්තාව මහා විද්‍යාලයේදි අති විශාල සිසුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අති සාර්ථකව පවත්වන ලදි. 

2023 වසරේ ශිෂ්‍යත්වය සමත් මුළු සිසුන් ප්‍රමාණයෙන් 50% ද, දිවයිනේ ඉහලම ප්‍රතිඵල ලැබූ සිසුන් 10 දෙනාගන් 8 දෙනෙක්ද බිහි කල ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය විසින් පවත්වන ලද මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේදි ඊට අවශ්‍ය නිබන්ධන, ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර, රැදවුම් කවර, ආහාර පාන ඇතුළු අනෙකුත් සියල්ල නොමිලයේ සපයන ලදි. 

දුෂ්කර පලාත් වල දුවා දරුවන් ශිෂ්‍යත්වයෙන් සමත් කරවීම පිණිස ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය විසින් කරන ලද මෙම උතුම් ක්‍රියාව දරුවන් සමග පැමිණි දෙමව්පියන්ගේ විශාල ප්‍රශංසාවට ලක් විය.