Saturday, September 21, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේදී මම පරදිනවා කියලා කොහොමත් දන්නවා




ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බවට තමන් ඉතා හොඳින් දන්නා බව ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා.

උන්හවන්සේ පැවසුවේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන  බවයි. 


ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වන අනෝජ් ද සිල්වා පැවසුවේ රට බෙදා වෙන් කරන සැලසුම පරාජය කළ යුතු බවයි.  


මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.