Monday, September 16, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්‍ෂක විවාදයේ පළමු අදියර අද පස්වරුවේ




මාර්තු 12 ව්‍යාපාරය මගින් සංවිධාන කරන 2024 ජනාධිපතිවරණ අපේක්ෂක විවාද මාලාවේ පළමු අදියර අද පස්වරුවේ පැවැත්වෙනවා.

මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජනාධිපති ධූර අපේක්‍ෂකයින් සිව් දෙනෙකු ඒ සඳහා අද දිනයේ සහාභාගි වන බවට තහවුරු කර ඇති බවයි.   

මෙම විවාදයට සහභාගී විය නොහැකි බව ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දැනුම් දී ඇති බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා මෙහිදී කියා සිටියා.

කෙසේවෙතත් මෙම වැඩසටහනට සහභාගී වන ලෙස ඔවුන් දෙදෙනාගෙන් නැවත වරක් ඉල්ලා සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ.