Monday, September 16, 2024

General line - 0115112241

රේගුව, IMF ඉලක්කය ආසන්නයට




මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම ලෙස රුපියල් බිලියන 1,000ක් රේගු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙනවා.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්.  

එහෙත් මෙම වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1,000ක ආදායම් ඉලක්ක ළඟා කර ඇති බවයි රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසුවේ.

ඒ අනුව ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගාවීමට හැකි බවද ඔහු කියාසිටියා.  

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමි කරගෙන ඇත්තේ 2023 වර්ෂයේදීයි. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක්.

සාමාන්‍යයෙන් සමස්ත රේගු ආදායමින් සියයට 25ත් සියයට 30ත් අතර අගයක් වාර්තා වන්නේ මෝටර් රථ ආනයනය හරහායි.

මෙම වසර දෙකෙහිදීම මෝටර් රථ ආනයනය සීමා කර ඇති හෙයින් එම අගය සියයට 6ට අඩු අගයක පවතින බව සරත් නෝනිස් මහතා පෙන්වා දෙනවා. 

පසුගිය වසර දෙකක කාලය තුළ රේගු දෙපාර්තමේන්තුවේ බොහෝ සාධනීය වෙනස්කම් වෙත ප්‍රවේශවීමට හැකි වූ බවත්, නව ක්‍රමවේද හා තාක්ෂණික මෙහෙයුම් ක්‍රියාවලිය හරහා සියලු නිලධාරීන්ට ක්‍රියාත්මක වීමේ පහසුව ද ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ක්‍රමවේද ආශ්‍රිතව පැවති වංචා හා දූෂණ දුරු කරමින් ජාවාරම් සම්පූර්ණයෙන් අත්හිටුවමින් රාජකාරීම සිදුකිරීමට සමස්ත රේගු කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය ද මීට මනා පිටිවහලක් වු බවද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා.

එමෙන්ම ස්ථාන මාරුවීම් සහ සමස්ත රේගු පරිපාලන ක්‍රමවේද විධිමත්ව සිදු කිරීමටත් වාර්ෂික ක්‍රියාකාරි සැලැස්මක් යටතේ සමස්ත රේගු දෙපාර්තමේන්තුවම මෙහයවමින් එය නිතැතින් විමසමින් හා අත්‍යාවශ්‍ය ගුණාත්මක වෙනස්කම් සිදු කරමින් පරිපාලන කටයුතු තවදුරටත් සිදු කරන බවයි