Thursday, September 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක්




අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර යළිත් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන ෆ්ලොරීඩාහි, බටහිර පාම්බීච් ප්‍රදේශයේ ගොල්ෆ් පිටියේදීයි.

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයෙන් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩික්කරු ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරය එල්ල කරනවාත් සමඟ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරින් විසින් ඔහුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඉන් අනතුරුව වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරින් සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩික්කරු සන්තකව තිබී ඒ කේ 47 වර්ගයේ රයිෆල් ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා.

වෙඩික්කරු සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ. 

හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ දෙවන අවස්ථාව මෙය වනවා.

මීට පෙර පෙන්සිල්වේනියාවේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් සිටියදී ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක් වුණා.

එහිදී ආරක්ෂක නිලධාරින් සිදුකල වෙඩි ප්‍රහාර හමුවේ වෙඩික්කරු ජීවිතක්ෂයට පත් වුණා.