Thursday, September 19, 2024

General line - 0115112241

බංග්ලාදේශයේ නොසන්සුන්තා ගැන අමෙරිකාවට යළි චෝදනා




බංග්ලාදේශයේ මෑතකාලීන දේශපාලන වර්ධනයන් සැලකිය යුතු ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, ඇතැම් ජාත්‍යන්තර  නිරීක්ෂකයින් යෝජනා කරන්නේ බටහිර ජාතීන්, විශේෂයෙන් අමෙරිකාව, බංග්ලාදේශයේ බලය මාරු කිරීමේ ක්‍රියාවලියේදී දැඩි මැදිහත්වීමක් සිදු කර ඇති බවයි.

එම මැදිහත්වීම ෂීක් හසීනා නායකත්වයෙන් ඉවත් වීමට හේතු වූ බව ද ඔවුන් පෙන්වා දෙනවා. 

එමෙන්ම නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට අමෙරිකාව සහය දැක්වූ බවට ද තවදුරටත් චෝදනා එල්ල වෙමින් තිබෙනවා.

බටහිර රටවල් සමඟ දිගුකාලීන සබඳතා ඇති යුනුස්, ක්ෂුද්‍ර මූල්‍ය හා සමාජ ව්‍යවසායකත්වයේ ඔහුගේ වැඩ කටයුතු සඳහා හොඳ පිළිගැනීමක් ඇති බවටයි පැවසෙන්නේ.

ඔහු එක්සත් ජනපද ජනාධිපති නිදහස් පදක්කම සහ ඇමරිකානු විශ්ව විද්‍යාල වලින් ගෞරව උපාධි කිහිපයක් වැනි සම්මාන වලින් පිදුම් ලබා ඇතැයි සඳහන්.

බටහිර ආන්ඩු සහ සංවිධාන යූනුස් සමඟ සමීපව කටයුතු කර ඇත්තේ මූල්‍ය ඇතුළත් කිරීම් සහ සමාජ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මුලපිරීම් සඳහා බව ද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහුගේ ජාත්‍යන්තර ප්‍රශංසාව නොතකා, බංග්ලාදේශයේ දේශපාලන සහ ආරක්ෂක භූ දර්ශනය කළමනාකරණය කිරීමට යුනුස්ට ඇති හැකියාව පිළිබඳව කනස්සල්ල මතු වී තිබෙනවා.

අගෝස්තු 5 වැනිදා ෂීක් හසීනා ධුරයෙන් ඉවත් වූ දා සිට, හින්දු කෝවිල්වලට සහ අහමදියා ප්‍රජාවට ප්‍රහාර ඇතුළු බංග්ලාදේශයේ විවිධ ප්‍රදේශවල ප්‍රචණ්ඩත්වය වැඩි වූ බවට වාර්තා වී ඇතැයි සඳහන්.

මෙම සිදුවීම් සුළු ජාතීන් ආරක්ෂා කිරීමට රජය දක්වන කැපවීම පිළිබඳව ප්‍රශ්න මතු කර ඇති බවටයි වාර්තා වන්නේ