Thursday, September 19, 2024

General line - 0115112241

රුසියාවට ආයුධ සපයන බවට බටහිර සහ යුරෝපය චීනයට දොස් නගයි




රුසියාවේ හමුදාව සඳහා චීනයේ ඉතා සැලකිය යුතු සහයෝගයක් ලබාදීම පිළිබඳව අමෙරිකාව සහ යුරෝපා සංගමය නවතම අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

චීනය එලෙස ආධාර සැපයීම රුසියාවට යුක්‍රේනයට එරෙහිව දිගටම යුද්ධ කිරීමට සහ ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ සලසන බවටයි එම රටවල් අනතුරු අගවා ඇත්තේ.

චීනය පිළිබඳ එක්සත් ජනපද-යුරෝපා සංගමයේ සංවාදයේ නවතම ප්‍රකාශය සහ මේ සතියේ බෙල්ජියමේදී පැවති ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ඉහළ මට්ටමේ උපදේශනයෙන් පසුව මෙම චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයේ, ඇමරිකානු සහ යුරෝපා සංගම් නිලධාරීන් පවසා ඇත්තේ යුක්රේනයට එරෙහි යුධ පිටියේදී භාවිතා කරන ලද ද්විත්ව භාවිත භාණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක අපනයනය කිරීම හරහා රුසියාවේ හමුදා සහ කාර්මික පදනම සඳහා චීනය අඛණ්ඩව සහයෝගය ලබා දී ඇති බවයි.

බ්‍රසල්ස්හි පැවති ඉහල මට්ටමේ රැස්වීමෙන් පසුව, අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් කර්ට් කැම්බල් වාර්තාකරුවන්ට පැවසුවේ, "රුසියානු යුද යන්ත්‍රයේ විවිධ අංග තිරසාර කිරීමට, ගොඩනැගීමට සහ විවිධාංගීකරණය කිරීමට" චීනය සෘජු ආධාර සපයන බවයි.