Saturday, September 21, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ සියලු තොරතුරු එකක් නෑර වාර්තා කිරීමට නෙත් නිවුස් ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් කාර්යාලය සූදානම්



ජනාධිපතිවරණයේ අද සිදු කෙරෙන ඡන්ද විමසීම පිළිබඳ සියලු තොරතුරු එසැනින් ඔබ වෙත වාර්තා කිරීමට අප සූදානමින් සිටිනවා.

රට පුරා සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් මෙන්ම රටවල් ගණනාවක සිටින විශේෂ නියෝජිතයන්ද ඒ සඳහා දැනටමත් සූදානමින් සිටිනවා.

ඔවුන්ගේ සියලු තොරතුරු නෙත් නිවුස් ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් කාර්යාලය වෙත ලැබෙනවා.

මැතිවරණ කොමිසම, පොලීසිය සහ නිරීක්‍ෂණ සංවිධාන ඇතුළු පාර්ශව ගණනාවකින්ද නෙත් නිවුස් ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් කාර්යාලය වෙත තොරතුරු ලැබෙනු ඇති.

එලෙස ලැබෙන සියලු තොරතුරු සත්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු ඉතා ඉක්මනින් ඔබ වෙත වාර්තා කිරීමට නෙත් නිවුස් සූදානමින් සිටිනවා.

මෙවර නෙත් එෆ් එම් රේඩියෝවේ 94.8 හා 95 තරංග මාලා ඔස්සේ මෙන්ම නෙත් එෆ් එම්, නෙත් නිවුස්, බැලුම්ගල යූ ටියුබ් සහ ෆේස් බුක් ඩිජිටල් අවකාශ ඔස්සේද අපගේ වාර්තාකරණය සිදු කිරීමටයි සූදානම් කර ඇත්තේ. 

මේ අතර අද පැවැත්වෙන ජනාධිපතිවරණයේ සියලු නිල ඡන්ද ප්‍රතිඵල මැතිවරණ කොමිසමේ සහතිකය සහිතව නිකුත් කළ වහාම එසැණින් ඔබ වෙත වාර්තා කිරීමට නෙත් එෆ් එම් අපි සූදානමින් සිටිනවා. 

ප්‍රතිඵලය වාර්තා කිරීමට පමණක් සීමා නොවී පෙර මැතිවරණවල ප්‍රතිඵල සමග ගළපමින් ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමටත් දේශපාලන ලෝකයේ සහ මැතිවරණ ඉතිහාසයේ රසවත් හා විශේෂ සිද්ධීන් සිහිපත් කරමින් අවසන් ප්‍රතිඵලය දක්වාම ඔබ සමග රැඳීමයි අපගේ අපේක්ෂාව වන්නේ. 

රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙන්ම ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැඳී සිටින විදෙස් රටවල් ගණනාවකම අපගේ නියෝජිතයන් රැඳී සිටිනවා.

නෙත් එෆ් එම් ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය රාත්‍රී 07ට ආරම්භ කිරීමට නියමිතයි. එෆ් එම් 94.8 සහ 95 තරංග මාලා ඔස්සේ රේඩියෝවෙන් මෙන්ම නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව සහ නෙත් එෆ් එම් ෆේස් බුක් පිටුව හරහාද නෙත් එෆ් එම් ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය සිදු කෙරෙනවා.

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා, සමාජ විශ්ලේෂක  නලින් අපොන්සු මහතා, නීතිඥ විරන්ජන හේරත් මහතා සහ සිවිල් ක්‍රියාකාරිණී ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඇතුළු විද්වත් මඩුල්ලක්ද අප සමග එක් වනවා.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයන්ද නෙත් එෆ් එම් ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය සමග එක්වීමට නියමිතයි.

නුවන් ලියනගේ සහ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු මාධ්‍යවේදීන් කණ්ඩායමක් මෙම ප්‍රතිඵල විකාශය මෙහෙයවනවා. නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව සහ නෙත් එෆ් එම් ෆේස් බුක් පිටුවට අමතරව බැලුම්ගල යූ ටියුබ් නාලිකාවේද ජනාධිපතිවරණ විකාශයට සමගාමීව ඉදිරිපත් කිරීම් ගණනාවක් එළිදැක්වීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන්ගේ දැන ගැනීම සඳහා සකස් කෙරෙන මහජන අභිලාශ ප්‍රකාශයද බැලුම්ගල යූ ටියුබ් නාලිකාවෙන් එළිදැක්වෙනවා.

මෙම මෙහෙයුම් සියල්ල සම්බන්ධීකරණය කෙරෙන්නේ නෙත් නිවුස් ජනාධිපතිවරණ විශේෂ මෙහෙයුම් කාර්යාලයේ සිටයි. 

රාත්‍රී 07 සිට ආරම්භ වන නෙත් එෆ් එම් ජනාධිපතිවරණ විශේෂ විකාශය සමග නෙත්, එෆ් එම් 94.8 සහ 95 තරංග මාලා ඔස්සේ හෝ නෙත් නිවුස් සහ බැලුම්ගල යූ ටියුබ් නාලිකාවන් ඔස්සේ නැතහොත් නෙත් එෆ් එම්, නෙත් නිවුස් හෝ බැලුම්ගල ෆේස්බුක් පිටු ඔස්සේ එක් වන ලෙස ශ්‍රාවක ඔබටද ආරාධනා කරනවා.