Saturday, September 21, 2024

General line - 0115112241

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශ නායකයෙකු ජීවිතක්‍ෂයට




ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශ නායකයෙකු වන ඊබ්‍රහීම් අකිල් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

එම ගුවන් ප්‍රහාරය ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එම ගුවන් ප්‍රහාරයෙන් ඊබ්‍රහීම් අකිල් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානයද තහවුරු කර තිබෙනවා.

අදාළ ගුවන් ප්‍රහාරයෙන් හිස්බුල්ලා සංවිධානයේ තවත් ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.