Tuesday, September 24, 2024

General line - 0115112241

විදේශ ප්‍රතිපත්තිය ලොවට කියන්නැයි විද්වතුන් ජනපතිට කියයි




පරිවර්ථණීය යුගයක් ආරම්භ කිරීමේදී ශ්‍රී ලංකාව පවත්වාගෙන යනු ලබන විදේශ සම්බන්ධතා පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව විද්වතුන් පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව පවත්වාගෙන යනු ලබන විදේශ ප්‍රතිපත්තිය තුළ ගැඹුරු හෝ තීරණාත්මක වෙනස්කමක් හදිසියේ සිදු නොකළ යුතු බවයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පැවසුවේ.  

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළා.


අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


සිය ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ලෝක බලවතුන්ට පැහැදිලි කළ යුතු බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.