Tuesday, September 24, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් කැඩුණු පිරිස මහ මැතිවරණයට තරග කරන්න දේශපාලන පක්ෂ සොයයි




ඉදිරි මහ මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එම දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වීම පිළිබඳව ද ඉදිරියේදී සාකච්ඡා කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත්‍රීවරයා කියා සිටියේ.


රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගනු ලබන ඵලදායී තීන්දුවලට සිය කණ්ඩායම සහාය ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළා.