Monday, September 23, 2024

General line - 0115112241

යළි දේශපාලනය කරන්න ලැබුණු ජන වරම ප්‍රමාණවත් බව පොහොට්ටුව කියයි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් නෙළුම් මාවතෙහි පිහිටි පක්ෂ මූලස්ථානයේදී අද පැවැත් වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ සිය ප්‍රතිපත්තියට එකඟ රටට ගැලපෙන ඕනෑම තීරණයකට ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බවයි.


යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දේශපාලනයේ නිරත වීමට සිය ජනාධිපති අපේක්ෂකයාට ලද ලක්ෂ තුන හමාරක ඡන්දය ප්‍රමාණවත් බව එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවා.