Monday, September 23, 2024

General line - 0115112241

ඊශ්‍රායල ප්‍රහාරවලින් 182ක් මරුට 




දකුණු ලෙබනනයේ හිස්බුල්ලා බලකොටුවලට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර වලින් ළමුන් ඇතුළු පුද්ගලයන් 182 දෙනෙකුට අධික පිරිසක් මියගොස් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මියගිය හා තුවාල ලැබූවන් අතර "ළමයින්, කාන්තාවන් සහ පරිපූරක වෛද්‍යවරුන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ඊශ්‍රායල හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානය  ආසන්නයේ වෙසෙන ලෙබනන් සිවිල් වැසියන්ට වහාම ඉවත් වන ලෙස ඉල්ලා තිබෙනවා 

 ඊශ්‍රායලය  විසින්  මේ වන විට ගුවන් ප්‍රහාර කෙරෙහි අවධානය යොමු කර ඇති අතර ගොඩබිම් මෙහෙයුමක් සඳහා  සැලසුමක් නොමැති බවයි ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ.

එසේම හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ ගබඩා කිරීම සඳහා තම නිවෙස් භාවිත කිරීමට ඉඩ දීමට එරෙහිව ලෙබනන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා