Friday, October 4, 2024

General line - 0115112241

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ පළමු ජය බංග්ලාදේශට




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සමාරම්භ කරමින් පැවති පළමු තරඟය ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවන් මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 16කින් පරාජය කරමින්. 

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරඟයක් තවත් නොබෝ වේලාවකින් සාජාහිදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ පකිස්තාන කණ්ඩායමයි.