Wednesday, November 27, 2024

General line - 0115112241

විදේශ රැකියා සඳහා පිටත්වීම් සැප්තැම්බර් මාසයේදී සියයට 10කින් ඉහළට




2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්වීම සියයට 10කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

2024 සැප්තැම්බර් මාසයේදී පමණක් ශ්‍රී ලාංකිකයින් 28,344 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716ක් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මෙම වසරේ මුල් මාස 09 තුළ විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය දෙලක්ෂ 40,109ක්. එයට කාන්තා ශ්‍රමිකයින් 99,939ක් ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.