Thursday, January 2, 2025

General line - 0115112241

හිස්බුල්ලා මීළඟ නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බවට සැකයක්




ලෙබනනයේ බේරුට් නගරය සහ තවත් ප්‍රදේශ ගණනාවකට ඊශ්‍රායලය තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

හිස්බුල්ලා සංවිධානයේ මර්මස්ථාන පිහිටා ඇතැයි සැකකෙරෙන ඉලක්ක වෙත ඊශ්‍රායලය එලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. 

හිස්බුල්ලා සංවිධානයේ මීළඟ නායකයා ලෙස නම් කිරීමට නියමිතව සිටි හිස්බුල්ලා විධායක කවුන්සිලයේ ප්‍රධානී හෂීම් සෆිඩීන් ඉලක්ක කර ඊශ්‍රායලය හමුදා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

බේරුට් නගරයේ ඩහියා උප නගරය ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හෂීම් සෆිඩීන් ඇතුළු හිස්බුල්ලා සංවිධානයේ නායකයින් පිරිසක් භූගත බංකරයක සාකච්ඡාවක් සිදු කරමින් සිටියදී එම ප්‍රහාරය එල්ල කර ඇති බවද සඳහන්.

එම ප්‍රහාරවලින් හෂීම් සෆිඩීන් නමැත්තා මිය ගිය බවට සැක කෙරෙන අතර එය තහවුරු කර ගැනීමට ඊශ්‍රායල ආරක්‍ෂක අංශ උත්සහ දරමින් සිටින බවද වාර්තා වනවා.