මාලදිවයින් ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා.
බොහෝදුරට ඔහු ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතයි.
ඇතැම් මාධ්‍ය වාර්තා අනුව මොහමඩ් මුයිසුගේ ඉන්දීය සංචාරය ඔක්තෝම්බර් 07 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මොහමඩ් මුයිසු මාලදිවයිනේ ජනාධිපතිවරයා වීමෙන් අනතුරුව ඉන්දියාවේ සංචාරයක නිරත වන දෙවන අවස්ථාව මෙයයි.
ඉකුත් ජූනි මාසයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තුන්වන පදවි ප්‍රාප්තියේදී ද මුයිසු ඉන්දියාවට පැමිණ සිටියා.