Saturday, October 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන බලාපොරොත්තු දුරස් කරමින් ඕස්ට්‍රේලියාවට පහසු ජයක්




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගය කඩුලු 06 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසනායේ කඩුලු 07ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 93ක් පමණයි.

නිලක්ෂිකා සිල්වා නොදැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 29ක්.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23කට දැවී ගියා.

අනුෂ්කා සංජීවනී ලකුණු 16යි.

සෙසු ක්‍රීඩිකාවන් කිසිවෙකුටත් ලකුණු 06ක් හෝ රැස් කිරීමට හැකිවූයේ නැහැ.

ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තමන් මේ වනවිට සහභාගී වූ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්ව සිටිනවා.