Friday, October 11, 2024

General line - 0115112241

දමිතාගේ හා අශේන්ගේ නම් හැළෙයි




රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව අද අහිමි වුණා.

ඒ, නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් ඇය මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව මහමැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්න මහතාගේ නාම යෝජනා පත්‍රයද අද ප්‍රතික්ෂේප වුණා.

ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

කෙසේවෙතත් නාම යෝජනා අහිමි වූ ඕනෑම කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් අධිකරණයට යා හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.