Wednesday, October 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පැරදූ කොදෙව්වන්ට පළමු විස්සයි විස්ස තරගයේ ජය




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 05 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 179 ක්.

නායක චරිත් අසලංක පන්දු 35 කදී ලකුණු 59 ක් රැස්කලා.

කමිදු මෙන්ඩිස් ලකුණු 51 යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 19 කට දැවී ගියා.

භානුක රාජපක්ෂ ලකුණු 17 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 11 ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු 06 කටත් වනිඳු හසරංග එක් ලකුණකටත් දැවී ගියා.

ජයග්‍රාහී ලකුණු 180 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 05 ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

බ්‍රෙන්ඩන් කිං පන්දු 33 කදී ලකුණු 63 ක් රැස්කලා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුලු 02 ක් සහ මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුළත්.

එම තරග තුනම පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.