Friday, October 18, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ක්‍රිකට් ජයක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ලකුණු 73ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 05කට ලකුණු 162යි.

පැතුම් නිස්සංක ලකුණු 54ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැස් කිරීමට සමත් වුණා. 

ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණයි.

සිය මංගල පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයට එක්වූ දුනිත් වෙල්ලාලගේ නියමිත පන්දුවාර 04 තුළ ලකුණු 09කට කඩුලු 03ක් දවා ගත්තා.

චරිත් අසලංක ලකුණු 06කට කඩුලු දෙකයි.

මහීෂ් තීක්ෂන ලකුණු 07කට කඩුලු දෙකක් බිඳ හෙළුවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 10න් 09ක්ම දවා ගත්තේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්.

ඒ, ලකුණු 64කටයි. 

මේ අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දී කොදෙව් කණ්ඩායම අතර අවසන් පන්දුවාර විස්ස තරඟය හෙට රාත්‍රී 07ට පැවැත්වෙනව