Thursday, October 17, 2024

General line - 0115112241

තරඟාවලි ජය සොයා ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අද පිටියට




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. 

දෙරට අතර පැවති පළමු තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තා.

දෙවන තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් අත්කර ගත්තා.

ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණය තීරණය කෙරෙන්නේ අද පැවැත්වෙන තරඟයේ ප්‍රතිඵලය මතයි. 

ක්‍රීඩා වාර්තාවලට අනුව දෙවන තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනසකින් තොරව අද තරඟයට ක්‍රීඩා කරනු ඇති.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.