Friday, October 18, 2024

General line - 0115112241

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන අවසන් පූර්ව වටය අද




පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය අද ආරම්භ වනවා.

පළමු තරඟය පැවැත්වෙන්නේ ඕස්ටේ්‍රලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි. මෙම තරඟය පැවැත්වෙන්නේ ඩුබායිහිදීයි.

තරඟාවලියේ මෙතෙක් අපරාජිත එකම කණ්ඩායම ඕස්ට්‍රේලියාවයි.

දෙවන තරඟය නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වෙනවා. 

මෙවර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විශේෂත්වය වන්නේ කිසිදු ආසියානු කණ්ඩායමකට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමයි.

තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා පැවැත්වෙනවා.