Friday, October 18, 2024

General line - 0115112241

කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරුණා.

චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ සධීර සමරවික්‍රම සංචිතයට ඇතුළත්. නිශාන් මධුෂ්ක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට ඇතුළත් තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වනවා.

එමෙන්ම චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුශංක සහ මොහොමඩ් ශිරාස් ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්. 

තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝබර් 20වනදා ආරම්භ වනවා. තරඟ පැවැත්වෙන්නේ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.