Sunday, October 20, 2024

General line - 0115112241

කොදෙව් - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

කමල් සුරවීර




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට තරග තුනක් ඇතුළත්.

පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දිවා - රාත්‍රී ලෙස එම තරග පැවැත් වීමට නියමිතයි.

ඒ අනුව පළමු තරගය අද පස්වරු 02.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙවන එක්දින තරග ලබන 23 වනදාත් තුන්වන එක්දින තරගය ලබන 26 වනදාත් ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී මෙතෙක් එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහනය කර නැහැ.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන්.

ඒ, දෙරට අතර පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම හේතුවෙන්. 

මේ අතර අද තරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳ කණ්ඩායම් නායක චරිත් අසලංක මෙලෙස අදහස් පල කළා.


දඟ පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් ලබාදෙමින් අද තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක වැඩිදුරටත් සඳහන් කළේ.