Friday, October 25, 2024

General line - 0115112241

තුර්කියට ත්‍රස්ත ප්‍රහාරයක්




තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් සේවා සමාගමක මූලස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

ඉන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේග තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසුවේ ප්‍රහාරයට බොහෝ දුරට සම්බන්ධ වී ඇත්තේ කුර්දි කැරළිකාර කණ්ඩායමක් වන ඡණණ සටන්කාමීන් බවයි. 

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ.