Monday, November 11, 2024

General line - 0115112241

වර්තමාන ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වෙලාද? - රාජිත




වර්තමාන ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇති බව ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී ගියේ යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ප්‍රධාන මැතිවරණයකින් පසු එළඹෙන බොහෝ මැතිවරණවලදී පරාජිත පක්ෂවලට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු වීම සාමාන්‍ය කරුණක් බවයි. 

ලියාපදිංචි නොකළ සහ එකලස් කළ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවතින කතාබහ පිළිබඳවද ඔහු මෙහිදී අදහස් පළ කළා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

එහි සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.