Thursday, January 2, 2025

General line - 0115112241

අලුත් ඇමතිවරුන්ට කොළඹින් ගෙවල් දීම නවතී




ඉදිරි ආණ්ඩුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබා දීමට රජය කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනතාවට සේවය කිරීම සඳහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප විය යුතුය යන අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.  

ඉදිරි පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන ජාත්‍යනතර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම සංශෝධනය කිරීමට සමගි ජන බලවේගය බලාපොරොත්තු වන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ හරහා බදු බර අඩු කිරීමට කටයුතු කරන බවයි. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද අහිමි කිරීම සිදු නොකළ යුතු බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ රජය අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියා. 

මීළඟ දශකයේ මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඩිජිටල් යාන්ත්‍රණයකට පරිවර්තනය නොකිරීමෙන් රටේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම අපහසු වනු ඇති බවයි. 

මේ අතර එළඹෙන පාර්ලිමේන්තුවේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තවත් අදියරක් හෙට පැවැත්වෙනවා.