Friday, January 3, 2025

General line - 0115112241

දීපාවලී නිසා නතර කළ දුම්රිය වර්ජනය ගැන තීරණය හෙට




ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ හෙට දිනයේ තීරණයක් ගන්නා බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් නොලැබුණහොත් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවයි.   

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පස්වරු 04යි 30 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන් කිරීම හා පාර්සල් භාර ගැනීමේ රාජකාරීවලින් ඉවත් වීමෙන්.

මෙමගින් පාඩුවක් සිදු වන්නේ මහජනතාවටම නොවේද?

කෙසේවෙතත් වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ මහතා පැවසුවේ ගැටලු විසඳීම සඳහා වර්ජනයේ නිරත වූ වෘත්තීය සමිති නියෝජිතයින්ද ඇතුළත් වන පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබූ බවයි. 

එහි නිර්දේශ ලබන 08 වනදාට පෙර ලබා ගැනීමට නියමිතව තිබියදී මෙම වර්ජනය ආරම්භ කර තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.