Monday, November 11, 2024

General line - 0115112241

මෙවර මහාමැතිවරණය පිලිබදව පැෆරල් දකින විදිහ




මෙරට මැතිවරණ ඉතිහාසයේ රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතාව පිළිබඳ බරපතල පැමිණිලි වාර්තා නොවූ මැතිවරණය බවට මෙවර මහමැතිවරණය නම් කළ හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ දක්වා කාලය සැලකීමේදී රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතාව පිළිබඳ බරපතල පැමිණිලි ලැබී නොමැති බවයි.    

රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතාව අඩු වීමට වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ඍජුවම බලපා ඇති බවයි ඔහු සඳහන් කළේ. 

මැතිවරණ කොමිෂන් සභාවද ඊයේ පැවසුවේ මහමැතිවරණය මෙතෙක් ඉතා සාමකාමී බවයි.