ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් වීමට පෙර ඔහු රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළා.
සුනිල් ජයරත්න මහතා වසර 37 කට වැඩි කාලයක් රෙගු දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා.
මීට අමතරව ඔහු පසුගිය වසර තුනහමාරක කාලය තුළ මාධ්‍ය ප්‍රකාශකවරයකු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
සුනිල් ජයරත්න මහතා බ්‍රසීලයේ ලෝක රේගු සංවිධානයේ “ටයිම් රිලීස් ස්ටඩි” නමැති ප්‍රධාන වෙළඳ පහසුකම් සැලසීමේ පියවරක් සඳහා ප්‍රවීණ පුහුණුකරුවෙකු, තාක්ෂණික සහ මෙහෙයුම් උපදේශකවරයෙක් වනවා.
තවද ඔහු වෙළඳ පහසුකම් සහ රේගු තක්සේරුව සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සම්පත් දායකයෙකු ලෙස ද දශක දෙකකට අධික කාලයක් සේවය කර තිබෙනවා.
එසේම පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වෙළඳ මණ්ඩල සහ ‘ඩබ්සීඕ’, ‘ඩබ්ටීඕ’ වැනි ජාත්‍යන්තර සංවිධානය මෙන්ම ජාත්‍යන්තර පරිත්‍යාගශීලී නියෝජිත ආයතන රැසක් සමඟ කටයුතු කර ඇති ඔහු ජාත්‍යන්තර වෙළඳාම සහ දේශසීමා ආශ්රිත ක්‍රියාකාරකම් පිළිබඳ විශාල අත්දැකීම් ඇති අයෙක්.