පාර්ලිමේන්තුවට පිවිසීමට යළි කිසිවිටෙක බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර මහ මැතිවරනයේදී පළපුරුද්ද සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කරන ලෙසයි.
ආණ්ඩු බලය ශක්තිමත් කිරීමට නම් ජාතික ජන බලවේගයේ වැඩි පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වර්තමාන රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට තවමත් අපොහොසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු වර්තමාන රජයෙන් ඉල්ලා සිටියේ පසුගිය මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ සහන ලබාදෙන ලෙසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී යම් පසු බෑමකට ලක් වුවද මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීම තම පක්ෂයේ අපේක්ෂාව බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් සඳහන් කළේ.