Friday, January 3, 2025

General line - 0115112241

ලොව බලවත්ම මිසයිලය තමන් සතු බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක්




උතුරු කොරියාව, කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ජපාන මුහුදට බැලස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබෙනවා.

දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව සිය නවීනතම ආයුධ ප්‍රදර්ශනය කිරීම සඳහා එලෙස බැලස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බවයි.

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට සැක කරන බව ජපාන රජය ද පවසා තිබෙනවා. 

උතුරු කොරියාව පසුගිය සතියේ ද නව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියානු රජය ප්‍රකාශ කර ඇත්තේ එය ලොව ශක්තිමත්ම බැලස්ටික් මිසයිලය ලෙසටයි.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සමයේ වොෂින්ටනයේ අවධානය දිනා ගැනීම සඳහා උතුරු කොරියාව මෙවැනි මිසයිල අත්හදා බැලීම් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.