හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ආධාරකරුවන් පිරිසකට ජනතාව විරෝධය දක්වා තිබෙනවා.
ඒ, මුතියංගණ රජමහා විහාර භූමි පරිශ්‍රයේදී නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ රුව සහිත ඡන්ද පත්‍රිකා ජනතාවට බෙදා දෙමින් සිටි අවස්ථාවේදීයි.
අප වාර්තාකරු පැවසුවේ එම විහාර භූමියේ සිටි පිරිසක් පළමුව අදාළ ආධාරකරුවන්ට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පවසා ඇතත් දිගින් දිගටම විහාර භූමි පරිශ්‍රය තුළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම හේතුවෙන් එම ස්ථානයේ යම් නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බවයි.
දිගින් දිගටම එල්ල වූ විරෝධතාව හමුවේ අදාළ ආධාරකරුවන් එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.