එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක මිල අඩු කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
එමෙන්ම ජනාධිපතිවරයා ජනතාවට පොරොන්දු වූ අකාරයට ඉදිරි වසර තුන තුළදී විදුලි බිලද සියයට 30 කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
වෙළඳපොලේ පවතින සහල් හිඟය සම්බන්ධයෙන් ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.