Monday, December 2, 2024

General line - 0115112241

වාහන ආනයනය සම්බන්ධයෙන් ජනතාවට නව බලාපොරොත්තුවක්




එළඹෙන පෙබරවාරි මාසයේ සිට නැවතත් වාහන ආනයනය ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ නිසි ක්‍රමවේදයකින් යුතුව එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඉදිරියේදි ජනපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.


සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන විනිවිධ ක්‍රමවේදයක් රජය සකස් කළ යුතු බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.