Sunday, April 28, 2024

General line - 0115112241

බැතිමතුන් ද සමගින් මුස්ලිම් පල්ලියක් ගසාගෙන යයි!!



උතුරු දිග පාකිස්ථානයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයාම් තත්වය නිසා මේ වන විට පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

පකිස්තාන ජාතික ආපදා කළමනාකරණ ආයතනය පැවසුවේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලියක් එහි තුළ සිටි බැතිමතුන්ද සමග ජල පහරේ ගසා ගෙන ගිය බවයි.

මෙම පල්ලිය තුළ සිටි බැතිමතුන් 10 දෙනෙකු මෙසේ මියගොස් ඇති අතර තවත් 21 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා.

රමසාන් මාසය නිසා මෙම කාලය තුළදී බොහෝ මුස්ලිම් බැතිමතුන් ප්‍රමාණයක් රාත්‍රී කාලය තුලද යාඥා කරමින් සිටින නිසා සිදුව ඇති හානිය වැඩිවි ඇති බවයි වාර්තා වන්නේ.

අයහපත් කාලගුණ තත්වය නිසා සහන සේවා කටයුතු ඇණහිට ඇති අතර මියගොස් ඇති ප්‍රමාණය මීට වඩා ඉහළ යා හැකි බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.