ඉදිරි අනාගතයේදී අලුත් ව්‍යවස්ථාවක් තුළින් දේශපාලන විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කර තිබෙනවා.
ජනාධිපතිවරයා සහ මන්ත්‍රීවරුන් අතර එම හමුව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි. සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේ බලය බෙදීම, අතුරුදන් වූවන්, ඉඩම් ආරවුල්, හමුදා කඳවුරුවලින් ඉඩම් අත්පත් කරගෙන තිබීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කළ බවයි.