Wednesday, February 5, 2025

General line - 0115112241

දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගෙන් දස්කම්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා. 

කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. 

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 04ක් දැවී ලකුණු 186ක් රැස් කරගෙන සිටියා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුලු 03 බිඳ වැටුණේ ලකුණු 44කදීයි. 

අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 02 බැගින් දවාගෙන සිටිනවා. 

ලහිරු කුමාර මෙම තරඟයේදී තම 100වන ටෙස්ට් කඩුල්ල දවා ගැනීම විශේෂත්වයක්.